රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.
ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයේ පැවති උත්සයකට සහභාගි විමට යමින් සිටියදී මාරවිල, මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29) මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප් රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදුවු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දී ඇති අතර වාහනයටද පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු සහ පහරදීම සිදු කළ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනාම අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි.