පුවත්

මෝදර ධීවර වරාය ළඟ දුම්රිය හරස් මාර්ගය හෙට සිට දින 3ක් වැසේ

Published

on

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දරණ ස්ථානයේ (මෝදර ධීවර වරාය ආසන්නයේ) දුම්රිය හරස් මාර්ගය හෙට (16) සිට මාර්තු 19දා දක්වා වසා දමන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක අධිකාරී හා මාධ්‍ය සම්බන්ධීකාරක – ජේ.එම්.එන්.එස්. ජයසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම දිනවලදී පෙ.ව. 8.00 – ප.ව. 6.00 දක්වා කාලය තුළ අදාල නඩත්තු කටයුත්ත සඳහා මාර්ගය වසා දැමෙන බවයි.

මේ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Trending

Exit mobile version