මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මෙරට විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (05) පැවැත්වුණි.
මෙම හමුව සම්බන්ධයෙන් මෝදි මහතා ගේ X ගිණුමේ දැක්වෙන්නේ මෙසේය :
“ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවීම සතුටකි. ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එතුමාගේ පෞද්ගලික දායකත්වය සහ කැපවීම අගය කළෙමි. අපගේ සුවිශේෂී හවුල්කාරිත්වයට ශ්‍රී ලංකාව තුළ පක්ෂ භේදයකින් තොරව සහයෝගය හිමි වේ. අපගේ සහයෝගීතාවය සහ ශක්තිමත් සංවර්ධන හවුල්කාරිත්වයට මඟ පෙන්වන්නේ අප දෙරට ජනතාවගේ සුබ සිද්ධියයි.”
මේ අතර, සජිත් ප්‍රේමදාස මහතා ද පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව හමුවීමට හැකිවීම තමා ලද ගෞරවක් ලෙස සලකන බවත්, පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ කෘතඥ වන බවත්ය.
“මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට හැකිවීම මා ලද ගෞරවයක් සේ සලකමි. මෙය ආර්ථික සහයෝගීතාවකට වඩා ගැඹුරට විහිදුණු අවස්ථාවක් ලෙස සලකමි. එය අපගේ රටවල් අතර ගැඹුරු හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඇරයුම් කිරීමකි. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළ සාමුහික ඉදිරි ගමනක් අන්තර්ගත අනාගතයක් හැඩගැස්වීමට අවස්ථාව පවතී. එහිදී වෙළඳාමෙන් පමණක් නොව, අපගේ ජනතාවගේ යහපැවැත්මෙන් ද වර්ධනය මනිනු ලබයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ මා කෘතඥ පූර්වක වෙමි,” යැයි ප්‍රේමදාස මහතා පවසයි.