2022 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව මෙම වසරේ(2023) පැවති නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වේ.
අයදුම්පත් කැඳවීම ලබන 29 වෙනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන අතර අයදුම්පත් යොමුකිරීම හා වැඩිදුර තොරතුරු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
මෙම අවස්ථාව විශ්ව විද්‍යාල,මණ්ඩප,හා උසස් අධ්‍යාපන ආයතන මඟින් අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාඨමාලා සඳහා අයදුම් කිරීමට අදාල නොවන බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.