පුවත්

යාපනයට ඉන්දියාවෙන් වතුර

Published

on

ඉන්දීය රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ  පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිණිස ඉන්දීය රජය විසින් පිරිනමන ලද අරමුදල් උපයෝගී කර ගෙන එම දිස්ත්‍රික්කයේ  වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා 2016-10-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ව්‍යාපෘතිය  වසර තුනක කාලසීමාවක දී නිම කළ යුතුව පැවති නමුත්, පැන නැගී ඇති මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් 2024 ජුනි මාසය දක්වා ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමටත්, ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසි වැසි ජල ටැංකි 1,831 ක් ස්ථාපිත කිරීමටත් 2022-10-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉතිරිව  ‌පවත්නා අරමුදල් වලින් වැසි ජලය එක් රැස් කිරීමේ ටැංකි 934ක් ස්ථාපිත කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

(ලංකාදීප)

Trending

Exit mobile version