Connect with us

පුවත්

යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්

Published

on

යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ක්‍රීඩා තරඟයක් අතරතුර පසුගිය 31 වැනිදා දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබූ බවත් එම ගැටුම හේතුවෙන් වාණිජ හා කළමනාකරණ පීඨයේ එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය හා විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ අතර ගැටුමට මූලිකවූ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනකු හා තෙවන වසර සිසුන් 15 දෙනකු එලෙස පංති තහනමට ලක්කළ බවත් සඳහන් කළේය.

පංති තහනමට ලක්වූ සිසුන් හට නේවාසිකාගාර වෙත හා  විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම තහනම් කොට අදාල අංශ වෙත විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැණුම්දී ඇති බවත් කීය.

 ගැටුම් හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියලු ක්‍රීඩා තරඟ අත්හිටවීමට ක්‍රියාකළ බවත් යාපනය විශ්ව විද්‍යාල පලනාධිකාරිය වැඩිදුරටත් පැවසීය.

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading

පුවත්

කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ බිරිය මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් ඵලා ගිහින්!

Published

on

By

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading

පුවත්

ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇත්තේ පසුගිව 11 වැනිදා බවද වාර්තා වේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දි නම් ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ අතර මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළායමින් සිටියදී කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

කෙසේ නමුත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved