යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙහිදී දේශපාලනික බලපෑම්වලින් තොරව අදාළ පාර්ශවයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
එසේම මෙම සිද්ධියට අදාළ පුද්ගලයින් 09 දෙනෙකු අද (26) පෙරවරුවේ වනෝද්‍යාන බලධාරින්ට භාර වී තිබේ.
ඒ අනුව වනෝද්‍යානය තුළ අයථා ලෙස පැදවූ වාහන 07ක්ද බලධාරින්ට භාරදුන් බව යාල වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු සඳහන් කළේය.
සබැඳි පුවත්
යාල පිස්සූ නැටූ සෑම් හා අමරවීරලාගේ කට්ටිය අවුරුදු 7ක් හිරේ යවයිද?
යාල වනෝද්‍යානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්