රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
උස්වැටකෙයියාව ප්රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අයත් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම පැමිණිකරුගේ නම ”යුක්තියේ මෙහෙයුමේ” දී අයිස් විකුණන බවට ඇතුළත්ව තිබෙන බවත් එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් පැමිණිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් එම මුදල ඉල්ලා තිබෙන බව පැවසේ.