Connect with us

පුවත්

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්

Published

on

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන් ය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබා දී තිබේ.

එහි දී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කර තිබේ.

මේ අතර මේජර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතාන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතාන් නිලයට දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස් වීම් ලබා දී ඇති බව යුද හමුදා මධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හී බල ලත් නිලධාරි II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බල ලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බල ලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත් උසස් කර තිබේ.

තව ද කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් වීම් ලබා ඇත.

මේ අතර, යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරාල් පී.එන් ගොඩැල්ලවත්ත සහ මේජර් ජෙනරාල් යූ.එල්.ජේ.එස් පෙරේරා, මේජර් ජෙනරල් නිලයට උසස් වීම් ලැබූ බව යද හමුදා මධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

අදින් ඇරඹෙන “කොළඹ මුද්දර දැක්ම”

Published

on

By

කොළඹ මුද්දර දැක්ම අද (27)  සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසිනි.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

පුවත්

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

Published

on

By

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විවෘත අධිකරණයේ අද දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Continue Reading

පුවත්

මිලේනියම් සිටි නඩුවෙන් මහනුවර හිටපු ASP උඩුගම්පොළ නිදොස් කොට නිදහස්

Published

on

By

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2002  වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාස්නයක් වටලා  එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved