Connect with us

පුවත්

කිලිනොච්චියේ විරෝධතාවක් අතර නොසන්සුන් තාවයක්; සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට

Published

on

නිදහස් දිනය කළු දිනයක් ලෙසට හඳුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උ‍තුරේ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය

එහිදී විරෝධතාවයට එක්ව නොසන්සුන්ව හැසිරුණු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකු අත්අඩංගුවටගත් බවත් පොලිසිය පැවසීය. 

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා දේශපාලන නායකයින් නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් විරෝධතාවයෙහි නිරත වූහ.

පුවත්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

Published

on

By

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා  එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කළහ. 

තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය විසින් එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී.

වැඩි විස්තර පහතින්,

Continue Reading

පුවත්

ඩයනාගෙන් විශේෂ හෙළිදරව්වක් ( වීඩියෝ )

Published

on

By

පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) තීන්දු කරන ලදී.

අද දවසේ  හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙවැනි පසුබිමක කොළඹදී අද (09) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඩයනා ගමගේ මහත්මිය සිය අදහස් දැක්වීම සිදු කළාය.

“මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.”

“ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.”

“මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.” 

“ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.”

“මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි”

( වීඩියෝ  –  Ada Derana )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved