නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.
එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරන ලදී.
ඉහත කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සමාජිකයින් 373 දෙනෙකු සඳහා ද නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු සලසා දී තිබේ.