පුවත්

යුද හමුදා 74 වන සංවත්සරය වෙනුවෙන් උසස්වීම් රැසක්

Published

on

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය නිමිති කර ගනිමින් යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත අදාළ නිලධාරීන් හා සෙසු නිලයන් ඊළඟ නිලයට උසස් කර ඇති බව යුද හමුදාව පවසයි.

ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදා මුලස්ථානය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති අතර, සම්මාන පෙළපාලියක් ද පනාගොඩ කඳවුරේදී අද(10) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

Trending

Exit mobile version