යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ.
ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
එම ගැටුමට අදාළව යෝජිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, අදාළ මත ගැටුම හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමට ලක්ව තිබුණි.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.
සබැඳි පුවත්