Connect with us

පුවත්

රජයේ උසස් නිලධාරින්ට පදනම් විරහිතව මැතිසබේ දොස් කියන්නෙපා – කථානායක

Published

on

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් රජයේ විවිධ උසස් නිලතල හොබවන නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි තීරණ සහ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් මෙම උත්තරීතර සභාව තුළ විවිධ අවස්ථාවලදී විවේචනය කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කළේය.  

මෙලෙස බොහෝ අවස්ථාවලදී පදනම් විරහිතව සිදු කරනු ලබන එවැනි ප්‍රකාශ මඟින් එකී රාජ්‍ය නිලධාරින්ගේ කීර්තිනාමයට හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන අතරම එවැනි ප්‍රකාශ සම්බන්ධව පිළිතුරු ලබාදීමේ අවකාශයක් ද එම නිලධාරින්ට නොමැති බැවින් ඔවුන්ට බලවත් අසාධාරණයක් සහ අධෛර්යමත් වීමක් සිදුවන බවද තමා නිරීක්ෂණය කොට ඇති බවද කථානායකවරයා පැවසීය.

තවද එවැනි ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් එම නිලධාරින් විසින් තමා වෙත තම දැඩි කනස්සල්ල පළ කරමින් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමද කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරින් සම්බන්ධව විවේචන තිබේ නම්, එකී නිලධාරින් පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ඒ සම්බන්ධ කරුණු විමසීමට හා අවශ්‍ය පියවර ගැනීමට අවකාශය පවතින බැවින් එලෙස මෙම සභාව තුළදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔවුන්ව දෝෂාරෝපණයට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාටම අවධාරණය කරන බවද කථානායකවරයා පැවසීය.

තවද, ස්ථාවර නියෝග 91(උ) හි විධිවිධාන අනුව එවැනි අපහාසාත්මක හෝ අනිසි ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ද කටයුතු කරනු ලබන බවද කතානායකවරයා  වැඩිදුරටත් දැනුම් දුන්නේය.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved