පුවත්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පුටුවට අලුත් කෙනෙක්

Published

on

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ දිනිත් චින්තක කරුණාරත්න එම තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් එකී තනතුරේ පුරප්පාඩුව සඳහා අයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එබැවින්, දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වී ඇත.

ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.

Trending

Exit mobile version