පුවත්

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ

Published

on

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර ඇති හැදුම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුරය.

වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.

ඔහු එහිදී කියා සිටියේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමටත් කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට පමණක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් මාධ්‍ය හමුව සඳහා පැමිණි බව‍ය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

” පොදු සමාජයෙන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයෙනුත් විවේචනයක් එල්ල වෙනවා. මේක අයාල යන්න ගියොත් මම හිතනවා ප්‍රශ්න අහන අයත් හැමෝටම ප්‍රශ්න අහන්න හැමදාම බැරිවෙයි. නමුත් අපි ඒක යම් සංයමයකින් සිදු කරමු. ඒක එහෙම වෙන එක මේ කැබිනට් මාධ්‍ය හමුව සම්බන්ධව මමද කවුද ඉන්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබද කවුද එන්නේ කියන එකත් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක ඉදිරි අනාගතය වෙනුවෙන් වැදගත් වේවි. ගොඩක් එනවා බොහොම ස්තූතියි ඔබලා ගොඩක් ඇවිල්ලා ඉන්න එක ගැන. අද අපි සූම් එකෙන් ප්‍රශ්න අහන්න දුන්නෙත් නෑ.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇත්තටම මේක මෙහෙමයි. පැයකට වඩා යන්න ගියාට පස්සේ මේක ඇදි ඇදි යනවා සහ සතියකට සැරයක් මේක පැවැත්වෙනවා. ඊට අමතරව තවත් ඔබට නිෂ්චිත ප්‍රශ්න ඒකට අදාළ අමාත්‍යංශයට ඉදිරිපත් කරලා ඒ අමාත්‍යවරුන්ගෙන් තොරතුරු ගන්නත් පුලුවන්කම තියෙනවා…

මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට අපි හැදුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ඒ මාධ්‍යවේදී හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන් එක්ක තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

Trending

Exit mobile version