පුවත්

රජරට රැජින පීලිපනී

Published

on

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද උදෑසන 11ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති බව  වාර්තා වේ.

දුම්රියේ එංජින් කොටස මෙසේ  පීලිපැනීමට ලක්ව ඇති අතර  දුම්රිය මාර්ගයටද ඉන් හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ඉන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.  

Trending

Exit mobile version