Connect with us

පුවත්

රටපුරා ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් පැතිරයාමේ අවදානමක්!

Published

on

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවය.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

“මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත රෝගයක් පැතිර යනවා. මේක කොවිඩ් වගේම කැස්ස, හෙම්බිරිසාවෙන් පටන්ගෙන සමහරවිට ඉතා කලාතුරකින් නිව්මෝනියාව දක්වා වැඩිවෙන්න පුළුවන්. කොවිඩ් රෝගයට සාපේක්ෂව සංකූලතා ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. නමුත් එන්නේ නෑ කියන්න බෑ. එම නිසාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වුණ විදියටම ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මුව ආවරණ පැලඳීම හා අත් නිතර පිරිසිදු කරගැනීම වැනි ක්‍රමවේද හරහා මේ රෝගය අවම කරගන්න පුළුවන්,” යැයි හේරත් මහතා පවසයි.

“මේ වගේ එකක දී ප්‍රධානම දේ තමා අන් අයට බෝවීම වළක්වා ගැනීම. මොකද වැඩි දෙනෙකුට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. උණුවතුර බීලා සාම්ප්‍රදායක දේවල් පානය කරලා විවේකයෙන් ඉන්නවා නම් අමුතු ඖෂධයක් අවශ්‍ය නෑ. උණ නම් පැරසිටමෝල් භාවිත කරන්න පුළුවන්. උහුලගන්න බැරි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි,” යැයි ද ඔහු පවසා ඇත.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved