Connect with us

පුවත්

රටේ ප්‍රශ්න මග නොහැර නායකත්වය ගන්නැයි දුමින්ද මෛත්‍රීට කියයි

Published

on

රටේ ප්‍රශ්න හමුවේ කර නොහැර නායකත්වය ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින්ද යන්න තවමත් තීරණය කර නැතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රි කණ්ඩායම සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම තවමත් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවය.

මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ද සහභාගි විය.

“අපි තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරලා නෑ. නමුත් පක්ෂයේ අභ්‍යන්තර මතවාදී ප්‍රශ්නයක් තිබෙනවා. අද මේ රට මුහුණදී තිබෙන ප්‍රශ්නවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය යම් තරමකට වගකිව යුතුයි. මේ අවස්ථාවේ අපිට කර අරින්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු මිස ආණ්ඩු හෝ වෙනත් ක්‍රියාමාර්ග නොවෙයි.“යැයිද මන්ත්‍රිවරයා කීවේය.

Continue Reading

පුවත්

දකුණේ අයට ගුරුත්වාකර්ශනය අඩුයි, ආයුෂ වැඩියි

Published

on

By

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියයි.

එම තත්ත්වය මත එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා කියා සිටී.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටී.

විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. 

මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

මූලාශ්‍රය – සිළුමිණ 

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved