පුවත්

රට ආරක්ෂා කරන තාක් පොහොට්ටුවේ සහය රනිල්ට

Published

on

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, වසර 27ක දේශපාලන ගමන සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ‘ජාතික මෙහෙවරක රෝහිත සලකුණ’ සැමරුම් උළෙලට සහභාගී වෙමිනි.

පොදුජන පෙරමුණේ සභාපති අප අතහැර යන මොහොතේදීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බවත්,එම සහයෝගය ඉදිරියටත් දක්වන බවත් ඔහු සඳහන් කලේය.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී විය.

Trending

Exit mobile version