පුවත්

රට බිත්තරේ වියදම ඩොලර් මිලියන 15යි; මෙහේ බිත්තර දාන්න නලින් තවත් මිලින 500ක් ඉල්ලයි

Published

on

ඉකුත් වසරේ බිත්තර මිලියන 170කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර ඇතැයි වාර්තා වේ.

එසේ තිබියදී බිත්තර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට කාන්තාවන්ට මුල්තැන දිය යුතු යැයි කියමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට සම්බන්ධ ගැටලු විසඳීම නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් රාජකාරියක් වන අතර ඒවා විසඳීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මේවන විට කසුකුසුවක් ඇතිව තිබේ.

ඉහළ යන බිත්තර මිල පාලනය කර සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියා සිටී.

මෙම ව්‍යාපෘතිය මගින් දැනට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වී සිටින එහෙත් යටිතල පහසුකම් අවශ්‍ය කාන්තා ව්‍යවසායකයන්ට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ.

දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ව්‍යවසායකයන් තෝරාගෙන කුකුළු පැටව් ලබාදීමට නියමිත අතර, විවිධ සේවා සමුපකාර සමිතිවල සාමාජික කාන්තාවන්ටද මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රමුඛතාව ලබාදෙන බව වාර්තා වේ.

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව මිලියන හතක් වන අතර, මාසික අවශ්‍යතාව මිලියන 210කි. ඉකුත් 2022 වසරේදී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 2500කි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version