විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා කියයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමිනි.
ඔහු පවසන්නේ ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවය.
කෙසේවෙතත් එම අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.