ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ‘කුඩු අංජු’ නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර ඇතැයි වාර්තා වේ.
ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් ද මේ වනවිට මුදාහැර ඇත.
මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසේ.