පුවත්

රන්දිමාල් ට ඇප (update)

Published

on

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ජාතික රූපවාහිනියට ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

ගාලුමුවදොර අරගල ක්‍රියාකාරිකයකු වන රන්දිමාල් ගමගේව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඩුබායි හි සිට අද (05) මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුව කටුනායක ගුවන් තොටුපොළේදී පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබුණි.

අරගලය පැවති සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී පොලීසිය හා විත්ති පාර්ශ්ව නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කළේය.

පැමිණිල්ල යළිත් ලබන 09දා කැඳවීමට නියමිතය.

—————————

(පෙරපුවත : 2023 ජනවාරි 05, පෙ.ව. 10:12  )

රන්දිමාල් ගමගේ අත්අඩංගුවට !

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ජාතික රූපවාහිනියට ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

Trending

Exit mobile version