පුවත්

“රනිල් කේසර සිංහයෙක්”

Published

on

අනෙකුත් සියල්ලන් අභියෝගය භාර ගැනීමට බියෙන් පලා යද්දී රනිල් කේසර සිංහයෙකු මෙන් ඒ අභියෝග භාර ගැනීම සදහා පෙරට පැමිණි බව වැඩබලන ධීවර සහ ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා තිබේ.

ඊයේ (17) දිනයේ බේරුවල ප්‍රදේශයේ නව මාර්ග ඉදිකිරීමක් සම්බන්ධ උත්සවයකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගෙන රට තුළ පැවති ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් විදුලිය කපා දැමීම් අවසන් කළ බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා රට යළිත් ප්‍රකෘතිමත් කිරීමට ඔහුට හැකි වූ බව සඳහන් කලේය.

සිය පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට තරම් ගෞරවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තමන්ට තිබෙන බව පියල් නිශාන්ත මහතා තවදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version