පුවත්

රනිල් ජනපතිවරණයට එන නිල නිවේදනය ලබන මාසයේ

Published

on

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල නිවේදනය ලබන ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවද නානායක්කාර මහතා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා පැවසූයේ,  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.

එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමට සාකච්ඡාකර තිබෙන බව ද අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

මැයි දිනය දවසේ කවුරුත් එකතු නොවුනේ ඇයි ? යන පැනය විමසන අයට කීමට ඇත්තේ   ” ජනාධිපතිවරණයට තව කල් තිබෙන බැවින් අනවශ්‍ය ලෙස පීදීමට අවශ්‍ය නැත” යන්න බවද අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් පවසන ලදී.

Trending

Exit mobile version