පුවත්

රනිල් හංසයාගෙන් ජනපතිවරණයට!

Published

on

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ. 

තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි ද පැවසේ.

නිමල් ලංසා කණ්ඩායම ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය දැනට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව දේශපාලන කටයුතු කරන අතර ඔවුන්ට මේවන විට පොහොට්ටු පක්ෂයේ සැලැකිල්ල අඩුවී ඇති බවද පැවසේ.

Trending

Exit mobile version