නීතිඥ වී.මනිලාල් ප්‍රනාන්දු මහතාගේ නීතිඥ දිවියට වසර 50 ක් ගතවීම නිමිත්තෙන් ඒ මහතා නීති වෘත්තිය ඇරඹූ කළුතරදී අද (13) උපහාර උළෙලක් පැවැත්වේ.
මෙය සවිධානය කරනු ලබන්නේ කළුතර නීතිඥ සංගමය මගිනි.
මනිලාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම සමයේ නීති විද්‍යාලයේ ඉගෙන ගත් අයකු වේ.
මනිලාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හා ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති ලෙස කලක් කටයුතු කළේය.