හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙමස 22 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන අතල් බිහාර් වජ්පායි මහතාගේ අනුස්මරණ උත්සවය මෙමස 27 වැනිදා එරටදී පැවැත්වීමට නියමිත අතර, එම උත්සවයේ අනුස්මරණ දේශනය සිදු කරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයා විසිනි.
ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාර් වජ්පායි මහතා එරට වර්තමාන පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයකුද වේ.
හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ කරන සංචාරයේදී එරට දේශපාලන නායකයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.