Connect with us

පුවත්

රාජරත්නම්ගේ කාලය දිගු කිරීම තවත් පස්සට යයි

Published

on

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (10) අවසන්වී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ සහභාගිවී තිබිණි.

ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන්වීමට නියමිතය.

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ 2021 වර්ෂයේ මැයි මස 26 වැනිදා  දිවුරුම් දුන්නේය.

පුවත්

එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට (Update)

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

———————

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද මෙරටට

(පෙර පුවත : 2025/06/23 at 7:30 am)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට හිමි නොවුවහොත්, ඒ හේතුවෙන් ලංකාවට ඩොලර් මිලියනකට වඩා අධික ආධාර අහිමිවීමටත්, අනාගත හරිත දේශගුණික අරමුදල් මුලපිරීම් වලට බලපෑම් ඇතිවීමටත් ඉඩතිබුණු බවටද මීට පෙර වාර්තා විය.  තවද, මෙම නෞකාව 2030 වසරට පෙර යළිත් ලංකාවට පැමිණීමේ අවස්ථාවක් නොපැවතිනි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමට පැමිණි සේනාධිපති පිටව යයි (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 23 ප.ව.3.13 )

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved