පුවත්

“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

Published

on

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති  පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

උක්ත  පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොව සංශෝධන සහිතව සම්මත විය.

Trending

Exit mobile version