Connect with us

පුවත්

රාජ්‍ය හා ව්‍යාපාරික ආයතනවල ඩෙංගු අවදානමක්

Published

on

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, දැඩි අවදාම් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවලට විශේෂ කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බවය.

මෙවැනි අවධානම් තත්ත්වයන් සහිත ප්‍රදේශවලට කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ වනවිට යෙදවා ඇති බවද නජිත් සුමනසේන මහතා තවදුරටත් පෙන්වා දෙන්නේය.

“මේ වනවිට රට පුරා ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. රෝගීන් සංඛ්‍යාව මේ වෙද්දි 30,500ක් විතර ලංකාවෙන්ම වාර්තා වෙලා තියෙනවා. දොළොස්දෙනෙක් විතර මේ වෙද්දි මිය ගිහින් තියෙනවා. සමීක්ෂණ දත්ත අනුව නිවාස ආශ්‍රිත මදුරු ඝනත්වයට වඩා රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ව්‍යාපාරික, කර්මාන්ත ශාලා වැනි පොදු ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බහුලට බවට හඳුනාගෙන තියෙනවා. එම ප්‍රදේශවල 22, 23 හා 24 දින තුනේ විශේෂ කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව අපි හඳුනාගත්තා වැඩිම මදුරු කීටයින් බෝවෙන රාජ්‍ය ආයතනය එහෙම නැත්නම් පොදු ස්ථාන හඳුනාගෙන ඒවා මර්දනය කිරීම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි සිදුකරනවා.”

පුවත්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

By

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටත්, අභ්‍යන්තරව අවතැන්වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු ගෙන්වා ගැනීමටත්, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමටත් මෙම සටන් විරාමය මග සලසනු ඇතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම තත්ත්වය පලස්තීනයේ සහ කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට දායක වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ලබන පෙබරවාරි 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 08 වැනිදා ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කර නිම කිරීම් සිදු කළ බව කියන සිද්ධියට අදාළව කරුණු දැක්වීම සඳහා එලෙස ඔහුව අධිකරණයට කැඳවා ඇති බව සඳහන්ya.

Continue Reading

පුවත්

මන්නාරමේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Published

on

By

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථයේ රියදුරු ද සිටින බව වාර්තා වේ.

මීට අමරව අනෙක් සැකකරුවන් දෙදෙනා අතර මීටපෙර අඩම්පන් ප්‍රදේශයේ දී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුද සිටින බව සඳහන් වේ.

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී පසුගිය 16 වනදා සිදුකළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් දෙදෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධීන් දෙකකට අදාළ නඩුවක් සඳහා පෙනීසිටීමට මන්නාරම අධිකරණයට පැමිණි පිරිසකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පවතින බවත් 2022 වසරේ දී ඝාතන දෙකක්, 2023 වසරේ දී ඝාතන 2ක් සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

2022.06.10 වන දින උයිලන්කුලම ප්‍රදේශයේදී තිරික්කල් තරගයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සහෝදරයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

එම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය 16වනදා මන්නාරම අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved