Connect with us

පුවත්

“රා” කියාගෙන සුභාෂ්කරන්ගේ මොණරා එයි

Published

on

ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන්ගේ මුදල් ආය‍ෝජනයක් සහිත පුවත්පතක් ලබන 11 වැනිදා සිට එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

එය ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව නඩත්තු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස් විසින් මුද්‍රණය කර බෙදාහැරීමට නියමිත බව වාර්තා වේ.

එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ඉරිදා ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා කටයුතු කරන බව වාර්තා වේ.

මේවන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම විදෙස් ආයෝජකයකු බවට පත්ව සිටින සුභාෂ්කරන් මහතා ස්වර්ණවාහිනිය ඇතුළු රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන් විදුලි නාලිකා 3ක් ඇතුළත් ඊ.බී.සී. නොහොත් ඊඒපී බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක් ආයතනය, ස්කයි මීඩියා නෙට්වර්ක්ස් ට අයත් සිත රූපවාහිනී නාලිකා 2ක හා ගුවන් විදුලි නාලිකා 3 මෙන්ම මැක්ස් බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක්ස්ට අයත් රූපවාහිනී නාලිකාව හා ගුවන් විදුලි නාලිකාව ඇතුළු මාධ්‍ය ජාලයන්හි අවසන් හිමිකරු බවට පත්ව සිටී.

ඔහු යාපනයෙන් දේශපාලනයට පිවිසීමට ද උත්සාහයක් ඇති බවට මාධ්‍ය වාර්තා පැතිර ඇති අතර, ඒ මහතාගේ ලයිකා ආයතනයට ප්‍රංශයේදී මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනාද එල්ලව එහි සේවකයන් වරදකරුවන් බවට පත්ව තිබිණි.

සබැඳි පුවත්
ETI දේපල විකුණා ඇත්තේ නීතියට පිටින්: ස්වර්ණවාහිනී ඩීල් එකත් ප්‍රශ්නගතයි 

ලයිකා හා ප්‍රසාද්‌‌ගේ ඩීල් එක අගමැති කැබිනට්ටුවේදී කුඩුකරයි 

ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!

පුවත්

රට වැටුණු වෙලාවේ ගොඩගන්න හිටියේ රනිල් විතරයි

Published

on

By

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.

රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.

එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්වූ අතර සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.

Continue Reading

පුවත්

වැඩි මිලට බඩු විකුණූ ගෝල්ෆේස් කඩහිමියන්ට නඩු

Published

on

By

වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ ගාලුමුවදොර වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය විසින් පසුගිය දා ගාලුමුවදොර පිටියේ ජංගම අලෙවිසැල් සහ අනෙකුත් වෙළෙඳසැල්වල විශේෂ වැටලීමක් සිදුකරන ලදී.

එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ වෙළෙඳුන්ට මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වලට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

ඇමති නිල නිවාස ගැන සොයන්න පත්කළ කමිටු වාර්තාව බාරදෙයි

Published

on

By

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට සොයා බලා වාර්තාවක් සැපයීම සඳහා සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved