මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම ලබන 26 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මේ පෙත්සම අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම නැවත ලබන 26 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඔටාරා ගුණවර්ධන රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.