ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි.
ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගැටළු සහගත තත්ත්යක් මතුව තිබූ බව පැවසේ.
පසුව එහි බලධාරීන් විදුලි ජනක ආධාරයෙන් විකාශ නැවත යථා තත්ත්වයට පත්කර තිබිණි.
ජාතික රූපවාහිනිය සංස්ථාව මාස ගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබිණ.
කෙසේවුවද පසුගිය සිකුරාදා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ .
පැය කිහිපයක් ඇතුලත දී යළි විදුලිය යථාතත්වයට පත්කර ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ජාතික රුපවාහිනියේ බලධාරීන් අතර දීර්ඝ සාකච්ජාවකින් පසු අද දිනය තුලදී තවත් රුපියල් ලක්ෂ 15 ගෙවා දැමීමේ පොරොන්දුව මතය.