පුවත්

ලංකාවටත් වඳුරු උණට මාර්ගෝපදේශ

Published

on

‘එම් පොක්ස්’ (Mpox) හෙවත් වඳුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

‘එම් පොක්ස්’ (Mpox) හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් ආනල්ඩ් මහතා සඳහන් කළේ, වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

Mpox වෛරසය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව තිබේ.

වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි.

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ‘එම් පොක්ස්’ (Mpox)  හෙවත් වඳුරු උණ වෛරස් ආසාදිතයකු යුරෝපා රාජ්‍යක් වන ස්වීඩනයෙන් ද පසුගියදා හමුවී තිබිණි.

Trending

Exit mobile version