හිටපු FBI සාමාජිකයකු වූ චාර්ල්ස් මැකොනියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඇමරිකාවට යන අතරතුර දී පසුගිය සෙනසුරාදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනපදය විසින් අනුමත කර පනවන ලද සම්බාධක කඩ කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ සාපරාධී චෝදනා ලැබූ රුසියානු ප්‍රකෝටිපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ ඇති සම්බන්ධතා හේතුවෙනි.
ඇමරිකානු මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිව්යෝක් නගරයේ පිහිටි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී බවයි.
චාල්ස් මැක්ගොනිගල්, 2018 දී විශ්‍රාම යන තෙක් FBI හි වසර 22 ක කාලයක් සේවය කර තිබේ.