Connect with us

පුවත්

ලංකාවට එන IMF ටීම් ඒකට ඉන්දියාවේ ක්‍රිෂ්ණාත් 

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර,  මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඉන්දීය ජාතික ශ්‍රීනිවාසන් මහතා වසර 27කට වැඩි අරමුදල් පිළිබද පළපුරුද්දක් ඇති අයකු ස‌ේ සැලැක‌ේ.

මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

ලංගම බසයක් අනතුරට පත්වෙයි

Published

on

By

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පවසයි

එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී ඇත.

අධික බෑවුමක් සහිත ස්ථානයකදි බස් රථය අනතුරට පත් වී ඇති අතර, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පැවසීය.

බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

Continue Reading

පුවත්

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

Published

on

By

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක සිසුවෙකි.

මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ

Published

on

By

මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved