ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර, මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඉන්දීය ජාතික ශ්‍රීනිවාසන් මහතා වසර 27කට වැඩි අරමුදල් පිළිබද පළපුරුද්දක් ඇති අයකු සේ සැලැකේ.
මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත.
මූලාශ්‍රය – ලංකාදීප