චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ලබා දී ඇති ණය සහනය අනුව 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති පොලී හෝ ණය මුදල්, ගෙවීමට අවශ්‍ය නොවන බව වැන්ග් වෙන්බින් මහතා පෙන්වා දී ඇත.
මෙම කාල සීමාව තුළ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ණය සහනයක් ලබා දීම සඳහා එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලි සාකච්ඡාවක නිරත වීමට සුදානම් බවද ඒ මහතා පවසා ඇත.
එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සිය උපරිම ධාරිතාවයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා චීනය උපරිම සහාය ලබා දෙන බවත් වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.