පුවත්

ලංකාවට ණය සහන කාලයක් ලැබෙන ලකුණු

Published

on

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් වලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා උපරිම සය වසරක  සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ණය ගෙවීමේ සැලැස්මක් අවසන් කිරීමට ඉතා ආසන්න බව ‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කරයි.

මෙම සැලැස්ම යටතේ ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාකච්ඡා දියුණු මට්ටමක පවතින බවත්, කොන්දේසි පිළිබඳ විධිමත් එකඟතාවයක් ඉතා ඉක්මනින් අපේක්ෂා කළ හැකි බවත්, නිල ණයහිමි කමිටුව විසින් (Official Creditor Committee) පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව, කොළඹ ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුණු බව ‘ද හින්දු’ වැඩිදුරටත් වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් මෙම ණයහිමි කමිටුවේ සාමාජිකත්වය දරණ අතර, එහි සාමාජිකත්වය නොගෙන නීරීක්ෂකයෙකු ලෙස එහි රැස්වීම් වලට එක්වීමට චීනය තීරණය කර තිබුණි.

(මූලාශ්‍රය : ද හින්දු)

Trending

Exit mobile version