Connect with us

පුවත්

ලංකාවට සුනාමි අනතුරක් නෑ

Published

on

අද (18) සවස් කාලයේදී ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතට දකුණින් සිදුවූ භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.

මේ අනුව, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත ආරක්‍ෂා සහිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර වාර්තා කර තිබුණි.

පුවත්

අහුංගල්ල පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වැලිඔයේදී අත්අඩංගුවට

Published

on

By

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.   

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved