Connect with us

පුවත්

අරක්කුවල ප්‍රමිතිය සොයන්න පරීක්ෂණාගාරයක්!

Published

on

මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ප්‍රමාදයකින් තොරව අදාළ මධ්‍යසාර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ඒවා සමාජ ගත වීම කඩිනමින් වැලැක්විය හැකි බවයි.

සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමයේ 70 වන වාර්ෂික සම්මේලනයට ඊයේ (18) එක්වෙමිනි.

“මෙවර අයවැය මගින් අපි සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා ම වෙනම රසායනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරල තියෙනවා. මේක කාලාන්තරයක් තිස්සේ තිබුණ ඉල්ලීමක්. දැනට සුරාවල ප්‍රමිතිය සම්බන්ධ කටයුතු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදු වන බැවින් කාර්ය බහුලත්වයත් එක්ක ප්‍රමාදයක් සහිතව තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

2023 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය.

“මෙවර අයවැයේ සඳහා රජයේ වියදම රුපියල් බිලියන 7800ක්. එය පසුගිය වසරේ විදයම ලෙස සටහන් වූ රුපියල් බිලියන 6100ට වඩා 30%ක ඉහළ යාමක්. රජයට වැඩිම ආදායම් හොයල දෙන ලැයිස්තුවේ තුන් වැනි තැන ඉන්න සුරා බදු දෙපාර්තමේන්තුවේ සුවිශේෂී නිලධාරීන් වන ඔබ ඒ වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. අපි මාසෙකට රජයේ වැටුප් බිල විදියට රුපියල් බිලියන 92ක් හොයන්න ඕනෙ. විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 26ක් හොයන්න ඕනෙ.” යැයි අමාත්‍යවරයා එහි දී පැවැසීය.

මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

පුවත්

අද සිට ඉන්ධන මිලේ වෙනසක්

Published

on

By

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30)  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333කි. 

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වෙයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරයේ පෙරහුරුව සිදු වුනේ 2008 දී ( වීඩියෝ )

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පසුගිය පාර්ලිමේන්තු සභාවාරයකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. 

ඒ මහතා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ පෙරහුරුව සිදුවූයේ 2008 වසරේ දී බවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කළහොත් 2005 සිට පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා වූ සියලු ඝාතනවල සත්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇති බවත් ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙවන දිනයේ දී මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකලේය.

( වීඩියෝ  –  Sandeshaya by Saroj – සරෝජ් සමග සංදේශය)  

Continue Reading

පුවත්

ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

Published

on

By

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමිනි.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව කටයුතු කල අතර,

එම තීරණයට එරෙහිව නීතිඥවරයෙකු  ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වමට දින නියම කෙරුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved