පුවත්

ලංකාවේදී අතුරුදන් වූ කෙලී ආරක්ෂිතව බ්‍රිතාන්‍යට ගෙන්වාගන්න යයි

Published

on

මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද (29) මුණගැසීමට නියමිතව තිබූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහිදී කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර ඇතැයි ද ඩේලිමේල් පුවත්පත කියා සිටී.

ගෝඨාගෝගම සිද්ධි වාර්තා කිරීම හා අරගලයට සක්‍රියව මැදිහත්වීමේ චෝදනා මත ඇගේ වීසා අවලංගු කිරීමෙන් පසුව ඇය ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් විය.

ඇය පිටුවහල් කිරීමට ආගමනය විගමන දෙපාර්තමේන්තුව නියෝග කිරීමෙන් පසුව ඊට එරෙහිව ඇය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ද ප්‍රතික්ෂේප විය.

Trending

Exit mobile version