මෙරට ජනගහනයෙන් සියයට 05කට පමණ තවමත් උප්පැන්න සහතික නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (12) සංවිධානය කර තිබූ උප්පැන්න, විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විශේෂ ජංගම සේවාවක් අතරතුරය.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එදින පැවති ජංගම සේවාව මඟින් උප්පැන්න, මරණ හා විවාහ සහතික 300කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබේ.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දිනයන්හි පැවැත් වූ ජංගම සේවාවන් මඟින් උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් 14000කට උප්පැන්න සහතික නිකුත් කිරීමට හැකිවූ බවයි.
තවද වතුකරයේ බොහෝ ජනතාවකට උප්පැන්න සහතික නොමැති බවත් ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් උප්පැන්න සහතිකයක් ලබාදීම රජයේ අරමුණ බවත් ඒ මහතා කියා සිටියේය.
වසර 45 ක් නීත්‍යානුකූල විවාහ නොවී එකට ජීවත් වූ යුවලක් නීත්‍යනුකූලව විවාහ කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදුකළ අතර එහි සාක්ෂියට රාජ්‍ය ඇමැතිවරයා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අත්සන් කරනු ලැබීය.