සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙය යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බවයි.