පුවත්

ලංකා – රුසියා රේගු සහයෝගිතා ගිවිසුමටත් අනුමැතිය

Published

on

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර පැවැති ද්වීපාර්ශ්වීය සාකච්ජා මාලාවකින් අනතුරුව පාරදෘශ්‍ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්‍රියා පටිපාටියක් ඔස්සේ ‍නෛතික වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ද්වීපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට 2021-11-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, එම ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නැත.

දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා තුළින් හිමි වන ප්‍රතිලාභ හා ද්වීපාර්ශ්වික රේගු සහයෝගිතාවේ නැගි එන ප්‍රවණතා සැලකිල්ලට ගෙන, එම ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version