Connect with us

පුවත්

ලංසාගේ කරවල ‌සෙට් එක එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඉල්ලන්න ගිහින්!

Published

on

ධීවර ඇමති ඩග්ලස් දේවාන්නද මහතා ගේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ ලබාදීමේ සාකච්ඡාවකට ‌පෙරේදා (04) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් ද පිරිසක් යොමුකර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ යොමුකර ඇත්ත‌ේ මීගමුව ප්‍රදේශයේ කරවල කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් පිරිසකි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ සිව්වැනි අදියර යටතේ කරවල කර්මාන්තයේ නියුතු ධීවරයන්ට මෙන්ම ධීවර ආශ්‍රිත වෙනත් රැකියාවල නියුක්ත පුද්ගලයන්ට වන්දි දීමට පියවර ගැනීමට නියමිතය.

ලන්සා යොමු කළ මෙම පිරිස එක්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා තම කර්මාන්තයට වූ හානිය පිළිබඳව ධීවර ඇමැතිවරයාට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවද පැවසේ.

මෙහිදී ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශය මූලික කර ගනිමින් හා මීගමුව වෙරළ තීරය උපයෝගි කර ගනිමින් තමන් කරවල කර්මාන්තයේ නියැළෙමින් සිටියදී එක්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවීම නිසා තම කර්මාන්තය ද අහිමි වූ බවත් වෙරළ තීරයේ කරවල වේළීම කලකට නතර කර දැමීමට සිදුවීම තුළින් තම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්ය.

මේ පිළිබඳ අවධානය යොමු කර තම රැකියාවන්ට සිදු වූ අලාභය වෙනුවෙන් වන්දියක් දීමට පියවර ගන්නා ලෙසද මෙම පිරිස ඇමැති දේවානන්දා මහතාගෙන් ඉල්ලා සිටියහ.

පුවත්

හරියට ඡන්දය දාන්නේ මෙහෙමයි !

Published

on

By

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන්නේ අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් ඇති කොටුවේ ‘1’ ඉලක්කම සටහන් කිරීමෙන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අදහස් කරන්නේ නම් දෙවන මනාපය සඳහා ‘‘2’’ ඉලක්කම සටහන් කිරීමෙන්ද, තුන්වෙනි මනාපය ‘‘3’’ ඉලක්කම සඳහන් කළ හැකිය.

ඡන්දය සලකුණු කිරීමේදී යම් කිසිවෙකු කතිර (X) සලකුණ යෙදීමට අදහස් කරන්නේ නම් එම ඡන්දය වලංගු වේ. ‘‘1’’ වෙනුවට යොදන ලකුණක් ලෙස කතිරය සැලකේ.

ඡන්දය ප්‍රතික්ෂේප කෙරෙන කාරණා කීපයකි.

ඡන්ද පත්‍රිකාවේ කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විටදී, එක් අපේක්ෂකයකුට වැඩි පිරිසක් සඳහා ඡන්දය සලකුණු කර තිබෙන විටදී (1 ඉලක්කම් දෙකක්), එක් අපේක්ෂකයකුට එක සහ තවත් අපේක්ෂකයකුට කතිරය සඳහන් කර ඇති විටදී, ඡන්දය ප්‍රකාශ නොකර දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විටදී, ඡන්දදායකයා හඳුනාගැනීමට හැකි පරිදි යමක් ලියා ඇත්නම් හෝ යමක් ඇඳ ඇත්නම් ඡන්දය ප්‍රතික්ෂේප කෙරේ.

තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය කතිර සලකුණෙන් ලබාදීමෙන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

කතිරය සමග ‘2’ හෝ ‘3’ සලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කෙරේ.

‘1’, ‘2’, ‘3’ ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාවද අවලංගු වේ.

Continue Reading

පුවත්

ස්වෛරී බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුගතකරණයට ප්‍රතිපත්තිමය එකඟතාවකට

Published

on

By

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 12‍.5 ක ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව ලන්ඩන් කොටස් වෙළෙඳපොළ  අද (19) පස්වරුවේ නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ස්වෛරී  බැඳුම්කර මගින් ලබාගත් ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටවූ අතර අනතුරුව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා ආරම්භ කළේ ය.

ක්ලිෆර්ඩ් චාන්ස් සහ ලසාර්ඩ් යන උපදේශන සමාගම් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවලට මැදිහත්වූ අතර බැඳුම්කර හිමියන් වෙනුවෙන් ඊට මැදිහත්වූයේ වයිට් ඇන්ඩ් කේස් සහ රොස්චයිල්ඩ් යන සමාගම් වේ.

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡා වටයක් ඊයේ (18) පැවති අතර ප්‍රතිපත්තිමය එකඟතාවට එළැඹ ඇත්තේ එම සාකච්ඡා වටයෙන් පසුවයි.

මෙම ප්‍රතිපත්තිමය එකඟතාවට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයද අද උදෑසන අනුමැතිය ලබාදී ඇතැයි, ලන්ඩන් කොටස් වෙළෙඳපොළ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳව ද්වීපාර්ශ්වික ණය හිමිකරුවන් ඇතුළත් නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ යුතුයි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහනේ මූලික රාමුවට මෙම තීරණ ඇතුළත්දැයි සලකා බැලෙනු ඇති.

නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පලකිරීමෙන් පසුව යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළේ, ද්වීපාර්ශ්වින ණය හිමියන්ගේ නිල කමිටුව, ස්වෛරී බැඳුම්කර හිමිකරුවන්, චීන එක්සිම් හා සංවර්ධන බැංකු සමග ඇතිකරගත් ප්‍රතිපත්ති එකඟතා අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17 ක ණය සහනයක් ලැබෙන බවයි.

Continue Reading

පුවත්

රාජ්‍ය නිලධාරින් 9කගේ මැතිවරණ රාජකාරි අත්හිටුවයි

Published

on

By

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීන් භාර නිලධාරී එච්. පී. සුමනසිරි මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙක්ගේ මැතිවරණ රාජකාරි අත්හිටවූ බවයි.

දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 17ක් ඊයේ (18) වාර්තා වී තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved