ධීවර ඇමති ඩග්ලස් දේවාන්නද මහතා ගේ එක්ස්ප්රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ ලබාදීමේ සාකච්ඡාවකට පෙරේදා (04) ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සා මහතා විසින් ද පිරිසක් යොමුකර ඇතැයි වාර්තා වේ.
ඔහු මෙසේ යොමුකර ඇත්තේ මීගමුව ප්රදේශයේ කරවල කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් පිරිසකි.
එක්ස්ප්රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ සිව්වැනි අදියර යටතේ කරවල කර්මාන්තයේ නියුතු ධීවරයන්ට මෙන්ම ධීවර ආශ්රිත වෙනත් රැකියාවල නියුක්ත පුද්ගලයන්ට වන්දි දීමට පියවර ගැනීමට නියමිතය.
ලන්සා යොමු කළ මෙම පිරිස එක්ප්රස් පර්ල් නෞකා අනතුර නිසා තම කර්මාන්තයට වූ හානිය පිළිබඳව ධීවර ඇමැතිවරයාට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවද පැවසේ.
මෙහිදී ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ මීගමුව කලපුව ආශ්රිත ප්රදේශය මූලික කර ගනිමින් හා මීගමුව වෙරළ තීරය උපයෝගි කර ගනිමින් තමන් කරවල කර්මාන්තයේ නියැළෙමින් සිටියදී එක්ප්රස් පර්ල් නෞකා අනතුර සිදුවීම නිසා තම කර්මාන්තය ද අහිමි වූ බවත් වෙරළ තීරයේ කරවල වේළීම කලකට නතර කර දැමීමට සිදුවීම තුළින් තම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්ය.
මේ පිළිබඳ අවධානය යොමු කර තම රැකියාවන්ට සිදු වූ අලාභය වෙනුවෙන් වන්දියක් දීමට පියවර ගන්නා ලෙසද මෙම පිරිස ඇමැති දේවානන්දා මහතාගෙන් ඉල්ලා සිටියහ.