Connect with us

පුවත්

ලකීගේ ප්ලෑන්එකට වැඩකල සජිත්ගේ පට්ටමටත් තට්ටු වෙයි?

Published

on

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. 

පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි “දේශය” වාර්තා කර තිබේ. 

මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන ඇති බවද එහි දැක්වේ. 

නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. 

එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

සමගි ජනබලවේගය පසුගිය මැතිවරණයේදී මාර පරාජයක් ලැබුවේ එහි පාක්ෂිකයන් ඡන්ද පොළට ගෙන යාමටත් සිය වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට පුළුල් ප්‍රචාරයක් ලබාදීමටත් නොහැකිවීම නිසා යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

එසේම, මහ මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේ සිට ප්‍රචාරණ කටයුතුවලට ද ඇගිලි ගැසූ සජිත් මිතුරු ලක්ෂමන් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය ද මේ පරාජයට හේතුවක් බවට මේවන විට එහි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

ජනපතිවරණයට රට වටා රැලි තියමින් විශාල ලෙස මුදල් එක් රැස්කරමින් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ ලක්ෂ්මන් ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රසිද්ධ රැස්වීම් තැබීමට කිසිදු උනන්දුවක් නොදක්වමින් මුදල් ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ බවට ද මේවන විට එහි ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇති බව පැවසේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved